අධික සූර්‍ය තාපය නිසා ලෝක විනාසය සිදුවෙයිද?

අධික  සූර්‍ය  තාපය නිසා  ලෝක විනාසය සිදුවෙයිද?



2012/12/21 ලෝක විනාශය සිදු වීමට නියමිතව ඇති බවට මීට වසර කිහිපයකට පෙර මුලු ලොවම කැළඹූ ඒ ආරංචිය ඔබට මට අමතක නොවෙනු ඇත. මායාවරුන්ගෙ දින දර්ශනය අවසාන වන එදින තවත් විවිද හේතුන් නිසා ලෝක අවසානය යැයි ඇතැමුන් නිවේදනය කලහ. එහෙත් එය මුලාවක් බවට පසක් කරමින් ලෝකයා අදටත් නොනැසී පවතියි.

ඇත්තටම ලෝක විනාසයක් සිදු විය හැකිද?

 කෙනෙකුට මෙම පැනය මනසට වද දෙත්ම ඔහු හෝ ඇය බොහො නිගමනයන් වලට එලෙබෙති.ඒ ලෝ අවසානය කෙලෙසක සිදුවෙන්නෙදැයි යන පැනයට නිගමනයන් සොයමිනි.මේ අතුරින් ලෝක විනාසය විය හැක්කෙ කෙලෙසකදැයි කියා වැඩි දෙනා පවසන මතයන් කිහිපයකි .

01. 2012 world end චිත්‍රපටයේ   ඇමෙරිකා එක්සත් ජනපදයේ "රීස්ට් ඇන්ගිලියා" සරසවියේ පර්‍යේෂකයින් සිදු කරන ලදපරීක්ෂණක ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නෙ . පෘථිවියේ ඇති ජලය සියල්ලම පාහේ වාශ්ප වීමෙන් පෘථිවියේ අවසානය සිදුවන බවයි. ආකාරයේ විවිද වූ ස්වභාවික විපත් හා සිද්ධි දාමයකින්.

02. පිටසක්වල ප්‍රහාරයකින්

03.ලෝක යුද්ධයකින්.

       
       ඉහත නිගමනයන් වැඩිමනක් බලපවත්නේ විය හැකියාව මතයි . නමුත් කෙදිනක හෝ ජීවයක් අතුරුදහන් වීමට සමත් වෙන තවත් එක් කරුණකි . එනම් අධික සූර්‍ය තාපය  නිසාවෙනි.




ඔබ මම අපි කවුරුත් දන්න දෙයක් තමයි අපගේ සූර්‍යා ගේ තාපය කෙමෙන් කෙමෙන් වැඩිවන බව. සූර්‍යා යනු තාප තරුවකි . තරුවක් පමණ ඉක්මවා තාපය නිකුත් කරනවිට ස්වභාවිකව පවතින ජල මූලාශ්‍ර සිදීයාමෙන් 
මේ තත්වය ඇතිවීමට වැඩි හැකියාවක් පවතිනවා. 

අනාවැකිය.   

  ඇමෙරිකා එක්සත් ජනපදයේ "රීස්ට් ඇන්ගිලියා" සරසවියේ පර්‍යේෂකයින් සිදු කරන ලදපරීක්ෂණක ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නෙ . පෘථිවියේ ඇති ජලය සියල්ලම පාහේ වාශ්ප වීමෙන් පෘථිවියේ අවසානය සිදුවන බවයි.

හොදම කලාපය.

 පෘථිවිය පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ හොදම ස්ථානයේ කියල මම කිව්වොත් එය වඩාත් නිවැරිදියි.සූර්‍යගේ සිට උෂ්ණත්වය හා සූර්‍යාලෝකය ලැබිය යුතු ප්‍රමාණයෙන් ලැබෙන්නෙ මේ කලාපයටයි.එහෙත් සූර්‍යාගෙන් නිකුත් වන තාපය අධික වීම හේතු කොටගෙන මේ  පෘථිවිය පිහිටි කලාපයත් අවධානම් කලාපයකට වැටෙනවා .මෙම හොදම කලාපයෙ පෘථිවිය උපත ලබා   මීට වසර බිලියන 4.55 ට පමණ වේ. තවත් අපට ඉතුරුව ඇත්තේ අවුරුදු බිලියන 1.75-3.5 ත් අතර කාලයක් පමණයි.  


නව ග්‍රහලෝකයක්

දැනටමත් මේ සාකුලේ(අධික තාපය) ඉන්න බැරිවේගෙන යනකොට තව අවුරුදු බිලියනයක් ගැන කතා කිරීමටවත් මිනිසාට දෛර්‍යක් නොමැති වෙනු ඇත.ඉතින් මේ නිසා පර්‍යේෂකයින් විසින් මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝක හතක් පමණ සොයාගෙන තිබෙනවා. ඉතින් මේ අතුරිනුත් කාලයක් නොනැසී පවතිනු ඇතැයි යැයි නිගමනය කල හැකි ග්‍රහලොවක් ලෙස  ග්ලීස් 581 ඩී නැමැති ග්‍රහලෝකයයි. මෙම ග්‍රහලෝකය හොදම කලාපය තුල වසර බිලියන 55 ක් පමණ නොනැසී පවතින බව පර්‍යෙක්ෂක මතයයි. නමුත් ගැටලුවකට තියෙන්නෙ පෘථිවියත් මෙම ග්‍රහලොවත් අතර දුර ආලෝක වර්ෂ 20 ක් පමණ වන නිසා.ඉතින් කොයි කවුරුත් දන්නවනේ ඒ කියන්නෙ පොඩි දුරක් නෙමෙයි කියලා... දැනට පවතින තාක්ෂණය අනුව එම ඉලක්කය සිහිනයක්.




හොදම විසදුම

ඉතින් මේ විනාශය වෙනකන් මිනිසුන් බලා සිටිය යුතුද? ඇත්තෙන්ම කිව්වොත් නෑ . හොදම කලාපය අධික සූර්‍ය තාපය හේතුවෙන් තවත් පසුපසට යාමක් තමයි මෙහිදි සිදුවන්නෙ. ඒ කියන්නෙ දැනට පෘථිවිය පිහිටා ඇති කලාපය පසු කොට මේ හොදම කලාපය අගහරු දෙසට ගමන් කරනවා. ඉතින් වඩාත් නුවණට හුරු කාරණාව වන්නෙ අගහරු මත වාසස්ථාන ඇති කිරීමයි. දැනටමත් අගහරු මත වාසස්ථාන බිහිකිරීමේ  විවිධ ව්‍යාපෘති ආරම්භ වී පැවතීම නිසා වැඩිකල් නොයවා අගහරු මත වාසස්ථාන බිහි කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් යුතුව මේ post එකෙන්  සමුගන්නවා. 


                                  -Dineth Dasun-








Comments

Popular posts from this blog

Alien creatures that look human

A hand washing liquid that defeats the Corona Virus (Covid - 19) /කොරෝනා වෛරසය නසන අති ප්‍රබල සේදුම්කාරකය

Corona is Bio wepon